කුරු­ණෑ­ගල මලි­ය­දේව බාලිකා විදු­හල සහ කෑගලු බාලිකා විදු­හල අතර ප්‍රථම වරට පැවති රැජි­නි­යන්ගේ මහා සටන ක්‍රිකට් තර­ගය ලකුණු 50කින් ජය ගැනී­මට කෑගලු බාලි­කාවන් සමත් වුණා.

කුරු­ණෑ­ගල වෙල­ගෙ­දර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ පැවති තර­ග­යට වර්ෂා­වෙන් බාධා වීම හේතු­වෙන් ඉනි­මක් ඕවර 25කට සීමාවූ අතර, පළ­මුව පන්දු­වට පහර දුන් කෑගලු බාලි­කවන් කඩුලු 9ක් දැවී ලකුණු 109ක් රැස් කළා

එහිදී සදෙව්මි ලිය­නගේ නොදැවී ලකුණු 21ක් රැස් කර­මින් ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භි­නිය වූ අතර, පන්දු යැවී­මේදී දනුලි තෙන්න­කෝන් ලකුණු 16කට කඩුලු 2ක් දවා ගත්තාය. කෑගලු බාලිකා ඉනිමේ ලකුණු 106න් ලකුණු 58ක්ම අති­රේක ලකුණු වීම කැපී පෙනුණා.

පිළි­තුරු ඉනිම ක්‍රීඩා කළ මලි­ය­දේව බාලිකා කණ්ඩා­යම ඕවර 10.5කදී සියලු දෙනා දැවී ලබා­ගත් ලකුණු සංඛ්‍යාව 56ක් පමණි. එහිදී නායි­කාව දනුලි තෙන්න­කෝන් සහ භූමි ගල­ප්පත්ති ලකුණු 13ක් බැගින් රැස් කළ අතර, පන්දු යැවී­මේදී නුවන්ති මාර­සිංහ කඩුලු 4ක්, සදෙව්මි ලිය­නගේ සහ අනු­රාවී මැද­ගෙ­දර කඩුලු 2 බැගින්ද බිඳ දැමූහ. එම ඉනි­මේදී ලකුණු 56න් ලකුණු 23ක්ම අති­රේක ලකුණු විය.

තර­ගයේ දක්ෂ­තම ක්‍රීඩි­කාව සහ හොඳම පිති­කා­රි­ණිය ලෙස කෑගලූ බාලිකා විද්‍යා­ලයේ සදෙව්මි කවිත්මා සම්මාන දිනා­ගත් අතර, හොඳම පන්දු යව­න්නිය ලෙස නුවන්ති නිමේෂා (කෑගලූ බාලිකා) සහ හොඳම පන්දු රකි­න්නිය චම­ත්මිනී ඇත්ත­ල­පි­ටිය (මලි­ය­දේව බාලිකා) සම්මාන දිනා ගත්තා.