ආනයනික නිෂ්පාදනවල - දුර්වල ලේබල් කිරීම අසාත්මිකතා ඇති අයට ප්‍රධාන අවදානමක් බවත්,  නොගැලපෙන හෝ අපැහැදිලි ආහාර ලේබල් සහ විදේශීය භාෂාවලින් ලේබල් මුද්‍රණය කර ඇති ආහාර ආත්මික තා ඇති කරන බවත් විශේෂඥයින් අනතුරු අඟවනවා.

ඒ අනුව නිසි පරිදි ලේබල් නොකළ යුනිලිවර් ආයතනය විසින් නිෂ්පාදනය කරන අයිස්ක්‍රීම් වර්ග එංගලන්තයේ සියලුම සුපිරි වෙළඳසැල්වලින් හදිසියේ ආපසු කැඳවා තිබෙනවා. ඒ  එමගින් දරුණු අසාත්මිකතා  ඇති කළ හැකි බවට ඇති බිය නිසයි.

 එංගලන්තයේ යුනිලීවර් සන්නාමයෙන් නිෂ්පාදිත වෝල් හි මිනි මිල්ක් වැනිලා, ස්ට්‍රෝබෙරි සහ චොකලට් අයිස්ක්‍රීම්  ඇසුරුම්වල ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රධාන අසාත්මිකතා ලැයිස්තුගත කර නොමැති වීම අනතරු දායක බැවින් සියලු අයිස් ක්‍රීම් නිෂ්පාදන මෙසේ ආපසු කැඳවා තිබෙනවා.

බලපෑමට ලක් වූ කාණ්ඩවල කිරි, පිස්ටා ඇට, රටකජු සහ සෝයා ද ඇතුළත් වන අතර  - ආහාර අසාත්මිකතා  ඇති ඕනෑම කෙනෙකුට බරපතල සෞඛ්‍ය අවදානමක් ඇති කරන බවද එරට සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙනවා.