2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත 2025 ඔක්තෝබර් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව අයවැය දෙවන වර කියවීම 2025 නොවැම්බර් මාසයේ දී සිදුකිරීමටත්, තෙවන වර කියවීමේ අයවැය විවාදය 2025 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල පැවැත්වීමටත් හැකි වන අයුරින් 2026 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

0 Comments