විදේශ මානුෂීය ආධාර සඳහා වන එක්සත් ජනපද අරමුදල්වලින් වැඩි ප්‍රමාණයක් කපා හැරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් පියවර හේතුවෙන් 2030 වසර වන විට ලොව පුරා තවත් මිලියන 14කට වඩා වැඩි පිරිසක් මිය යා හැකි බව වෛද්‍ය සඟරාවක් විසින් සිදුකරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

ලැන්සෙට් වෛද්‍ය සඟරාව විසින් සිදුකර ඇති මෙම පර්යේෂණයෙන් හෙළිව ඇත්තේ අකල් මරණ අවදානමට ලක්ව සිටින අයගෙන් බහුතරයක්ම ළමුන් බවය.

එය අනුපාතයක් වශයෙන් තුනෙන් එකක්ම බවත් අදාළ පර්යේෂණය මගින් පෙන්වා දී තිබේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මාර්තු මාසයේදී පැවසුවේ ට්‍රම්ප් පරිපාලනය විසින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සියේ USAID හී සියලුම වැඩසටහන්වලින් 80%කට වඩා අවලංගු කර ඇති බවය.