න්‍යෂ්ටික අනතුරකදී විකිරණ මට්ටම් නිරීක්ෂණය කිරීම සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව පියවර ගෙන තිබෙනවා.
දිවයින පුරා ස්ථාන 05ක එනම්, කල්පිටිය, මන්නාරම, ඩෙල්ෆ්, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන නාවික හමුදා කඳවුරු කේන්ද්‍ර කරගනිමින් මෙම පද්ධති ස‍්ථාපනය කරඇති අතර මෙය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ සහයෝගීත්වය යටතේ ක්‍රියාත්මක වෙයි.
මෙම පද්ධති නිර්මාණය කර ඇත්තේ, අවට රටවල න්‍යෂ්ටික බලාගාරවල සිදුවන ස්වභාවික හෝ කෘතිම අනතුරු හේතුවෙන් මෙරටට ඇතුළුවිය හැකි විකිරණ හඳුනා ගැනීම සඳහායි
.jpg)
0 Comments