දරුවන්ගේ සෞඛ්‍යයට තර්ජන එල්ල කරන වෙළෙඳපොළේ පවතින ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය කමිටුවක් පත්කර තිබේ.
ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී එමඟින් ලබාදෙන නිර්දේශ අනුව දරුවන්ගේ සෞඛ්‍යයට එල්ල කරන එවැනි නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීම සඳහා ගතහැකි උපරිම තීන්දු තීරණ ගන්නා බව කොළඹ අද (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

0 Comments