අමෙරිකන් පාටි (the American Party) ලෙස නව පක්ෂයක් පිහිටුවන බවට ඊලෝන් මස්ක් තර්ජනාත්මකව පවසා තිබෙනවා.

හිටපු DOGE ප්‍රධානියා සහ ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක්, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ "බිග් බියුටිෆුල් බිල්පත" රටට හානිකර යැයි පවසමින් දැඩි ප්‍රහාරයක් එල්ල කරන අතර  ට්‍රම්ප්ගේ අත්සන් සහිත නීති සම්පාදනය ඇමරිකාවේ මිලියන ගණනක් රැකියා විනාශ කරන බවට මස්ක් අනතුරු අගවා තිබෙනවා. ඔහු එම පනත "පිස්සු සහ විනාශකාරී" එකක් ලෙස දක්වා ඇති අතර, එය අනාගතයේ කර්මාන්තවලට දැඩි ලෙස හානි කරන බවද  පැවසා තිබෙනවා.