රට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා විදේශීය සංවිධාන සමග එක්වී පිරිසක් කටයුතු කරමින් සිටින බව අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමියන් පවසනවා

උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලන නායකයින්ද මේ සඳහා සම්බන්ධ බවයි.

ඊයේ (14) කොළඹ පැවැති රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ධර්ම කීර්ති ශ්‍රී ආචාර්ය අකුරැටියේ නන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත මියන්මාර රජයෙන් ලබාදුන් අග්ගමහා පණ්ඩිත ගෞරව නාමය පිදීමේ උත්සවයට එක්වෙමින් කාදිනල් හිමි මේ බව පෙන්වා දුන්නා