ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයේ පක්ෂ ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ඒ අනුව එකී යෝජනාව ලබන සදුදා (11) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා සඳහන් කළේ.