ඇල්ල බස් රථ අනතුරින් විපතට පත් සියලු පාර්ශව වෙත තමන්ගේ ශෝකය ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සිය මුහුණුපොතේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඊයේ (04) රාත්‍රියේ සිදුවූ අනතුර පිළිබඳව අසා තමන් දැඩි කම්පාවට සහ ශෝකයට පත්වූ බවය.
එමෙන්ම තමන්ගේ ගම් ප්‍රදේශය වන තංගල්ල ප්‍රදේශයේ නගර සභාවේ ලේකම්වරයා ඇතුළු තවත් පිරිසක් මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වීම සමස්ත රටේම පුරවැසියන් මෙන්ම තංගල්ල ප්‍රදේශයේම සියල්ලන්ටම දැඩි කණගාටුදායක කරුණක් බවත් හිටපු ජනපතිවරයා සඳහන් කර තිබේ.
0 Comments