2025 දෙසැම්බර් 21 දින සිට නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ධීවර ප්‍රජාව වෙත හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබෙනවා.

විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ජනගත කිරීමට සියලුම කටයුතු මේ වනවිට සම්පාදනය කර ඇති අතර, එය කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කෙරේ.

මෙම යෝජනා ක්‍රමය මඟින් වයස අවුරුදු 60 සම්පූර්ණ වීමත් සමග මෙම නව ධීවර විශ්‍රාම යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප් ලබාගැනීමට හැකිවන අතර විශ්‍රාම ලබාගනිමින් සිටියදී ප්‍රතිලාභියා මියගිය විට කාලත්‍රයාට විශ්‍රාම වැටුප් ලබා ගැනීමට හැකිවීම මෙහි විශේෂත්වය යි