වීදියේ සිගමන් යැදීම, වෙළදාම, අන්තරායකාරී රැකියාවල යෙදෙන හෝ වෙනත් කවර හෝ ආකාරයකින් අනාරක්ෂිත තත්වයේ සිටින දරුවන් පිළිබඳව තොරතුරු ඇතොත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක සේවය වෙත හෝ පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරන කාර්යාංශයේ 109 හදිසි ඇමතුම් සේවය වෙත දැනුම් දෙන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය පවසනවා.
එසේම, දිවයිනේ ඕනෑම පොලිස් ස්ථානයක් මගින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන් ට අනුබද්ධව සිටින කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ක්ෂේත්‍ර නිලධාරීන් වෙත දැනුම් දීමෙන් ඔවුන් එම අනාරක්ෂිත තත්ත්වයන්ගෙන් මුදවා ගැනීමටත් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමටත් ඔබට දායක වීමේ හැකියාව පවතින බවත් ඒ සඳහා ඔබේ කාරුණික මැදිහත්වීම සිදුකරන ලෙස නිවේදනයක් නිකුක් කරමින් කන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
0 Comments