කැනඩාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  අද   (26)   වැන්කුවර් හි දී  පොදුරාජ්‍ය මණ්ඩලයීය  ඉගෙනුම්   පාලක මණ්ඩලයේ  නිලධාරින් හමුවී තිබෙනවා.  

ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය සහ  පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් පාලක මණ්ඩලයේ කාර්යය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිලිබඳ එහිදී සාකච්ඡා වී ඇති අතර 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ද අවධානය යොමු ව ඇති බවයි වාර්තා වන්නේ.