ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ලංකා බැංකු සේවක සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (24) පෙරවරුවේ පවත්වා තිබේ. වර්තමානයේ බැංකු ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඊට ලබා දිය හැකි විසඳුම් පිළිබඳව ද අවධානය යොමු වී ඇත. මෙම ගැටලු විසඳීමේදි සියලුදෙනාට පිළිගත හැකි, ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයක අවශ්‍යතාව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී පෙන්වා දී තිබේ.