සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම ආයතනයට කුලී පදනමක් මත ලබා ගත් වාහන අවභාවිතා කිරීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 20 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (24) නියෝග කළේය.

මෙම නඩුකරය කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබීය