ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (25) පැවැත්වෙයි. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශය සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය. තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. මේ අතර මෙම තරගයේදී ටෙස්ට් වරම් හිමිකරගැනීමට සොනාල් දිනූෂට හැකිවිය. දෙරට අතර පළමු තරගයෙන් පසු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදුන් ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට ඔහු කැඳවා ඇත. කොළඹ ද ලාසාල් හා මහානාම විදුහල්හි ආදි සිසුවෙකු වන සොනාල්, ශ්‍රී ලංකාවේ 170 වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වෙයි.