ජාතික ජන බලවේගයට බලය පිහිටුවන්න අඩුවෙන ඉලක්කමයි, හොඳ මිනිස්සුන්ගේ ඉලක්කමයි සමාන විම හාස්‍යජනක බව ජන අරගල සන්ධානයේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා . හැම තැනකම ජාතික ජන බලවේගයට බලය පිහිටුවන්න අඩුවෙන ඉලක්කමයි, හොඳ මිනිස්සුන්ගේ ඉලක්කමයි එක සමාන වීමේ පුදුම ගණිත කර්මය මොකද්ද. කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපති ලංකා කම්කරු කොංග්‍රසයෙන්. උප සභාපති මාලිමාවෙන්. නායකයන්ගේ එකඟතාවක් නැතුව එහෙම වෙන්න බැහැ. හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපති මාලිමාවෙන් සහාය දුන්නේ තොන්ඩමන්. කුරුණෑගල මහ නගර සභාවේ සභාපති මාලිමාවෙන්, උප සභාපති රිෂාඩි බදියුදීන්ගෙන්. මැදවච්චියේ ලොකුම සෙල්ලම වෙලා තියෙන්නේ. සභාපති මාලිමාවෙන්. උප සභාපති පොහොට්ටුවෙන්. මිණිපේ ප්‍රාදේශීය සභාවේ ජයග්‍රහණය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ සහායෙන්. සොරතොට සමගි ජන බලවේගයේ සහයෝගය අරන්.