Sirus Migration Education යනු ඔස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගත් ප්‍රමුඛ පෙළේ සංක්‍රමණ සහ උපදේශන ආයතනයක් වන අතර, එළඹෙන ජුලි මස ශ්‍රී ලංකාවේ සති දෙකක විශේෂ සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව ආයතනය විසින් නිවේදනය කර ඇත. මෙම වැඩසටහන, ශ්‍රී ලාංකික ව්‍යවසායකයන්ට සහ සිසුන්ට ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ලියාපදිංචි සංක්‍රමණ හා අධ්‍යාපන වෘත්තිකයන් ඍජුවම සම්බන්ධ වීමේ අවස්ථාව ලබා දෙන සුවිශේෂී වැඩසටහන් දෙකකින් සමන්විතය.
මෙම සුවිශේෂී වැඩසටහන් දෙකෙන් පළමුවැන්න, නවසීලන්ත ව්‍යවසායක සේවා වීසා (නවසීලන්ත ව්‍යාපාරික වීසා) උපදේශන දිනයක් ලෙස සැලසුම් කොට ඇති අතර, මෙමඟින් ශ්‍රී ලාංකික ව්‍යාපාර හිමියන්ට නවසීලන්තයේ ව්‍යවසායක සේවා වීසා අවස්ථාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට මනා අවස්ථාවක් හිමි වනු ඇත. ව්‍යාපාරික සංක්‍රමණ පිළිබඳ විශේෂඥවරියක මෙන්ම බලපත්‍රලාභී සංක්‍රමණ උපදේශකවරියක වන අශානි යාපා (202401434) විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලබන මෙම වැඩසටහන මඟින්, එක් එක් අයදුම්කරුවන්ගේ ඉලක්කවලට ගැළපෙන පරිදි, ඍජු හා වඩාත් විශ්වසනීය මඟ පෙන්වීමක් ලබා දෙනු ඇත.
මෙම වැඩසටහන ජුලි මස 4 සහ 5 යන දෙදින පුරා වෙන්නප්පුව Sirus Migration කාර්යාලයේ පැවැත්වෙන අතර, ජුලි 11 සහ 12 යන දෙදින නුගේගොඩ Sirus Migration කාර්යාලයේදී උපදේශන වැඩසටහන පැවැත්වීමට නියමිතය. සහභාගී වන පිරිසට උපදේශකවරුන් තනි තනිව මුණගැසී අවශ්‍ය උපදේශනය ලබා ගැනීමට මෙහිදී අවස්ථාව සලසා ඇති අතර, අවම ආයෝජන සීමාවක් සහ වසර දෙකක් තුළ ස්ථිර පදිංචිය සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ඇතුළු සමස්ත සංක්‍රමණ ක්‍රියාවලිය පිළිබඳ වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට ද අවස්ථාව හිමි වනු ඇත. සංක්‍රමණ හා අධ්‍යාපන අවස්ථා සඳහා විශ්වාසදායක මාර්ග සොයන ශ්‍රී ලාංකිකයන්ගේ වෙනස්වන අවශ්‍යතාවන් සපුරාලීම වෙනුවෙන් මෙම සුවිශේෂී වැඩසටහන් දෙකම සැලසුම් කොට ඇත. ක්ෂේත්‍රය තුළ වසර 20කට වැඩි කාලයක් පුරා සාර්ථකත්වය සලකුණු කළ Sirus Migration Education හි බලපත්‍රලාභී වෘත්තීය උපදේශකවරුන් මුහුණට මුහුණ පුද්ගලිකවම හමු වී තමන්ගේ අනාගත අභිලාෂන්ට ගැළපෙන වඩාත් යෝග්‍ය සංක්‍රමණ සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීමට සහභාගී වන පිරිසට අවස්ථාව සැලසීම මෙහි ඇති වඩාත් වැදගත්ම ප්‍රතිලාභයයි.
ඔබගේ උපදේශන අවස්ථාව වෙන් කරවා ගැනීමට හෝ වැඩිදුර විස්තර දැනගැනීමට +61 450 674 787 වට්සප් අංකය, admin@sirus.com.au. ඊමේල් ලිපිනය හෝ www.sirusmigration.com.au වෙබ් අඩවියට පිවිසෙන්න
.jpg)
0 Comments