පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමටත් එහි සභාපති ධුරය ලබා ගැනීමටත් අද සමගි ජන බලවේගයට හැකි විය.
මතුගම ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය පැවැති අද (30) දින එහි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ කසුන් මුණසිංහ මහතා මතුගම ප්‍රදේශීය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා ලදී.
එහිදී විපක්ෂයේ කණ්ඩායම් විසින් ඉදිරිපත් කළ අපේක්ෂකයාට ඡන්ද 19ක්ද, ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයාට ඡන්ද 13ක්ද හිමිව තිබුණි.
.jpg)
0 Comments