අන්තර්ජාලය හරහා නිරුවත් ඡායාරූප ප්‍රදර්ශනය කළ බව කියන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ඊයේ (29) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන මහනුවර ඒකකයේ නිලධාරීන් විසින්.
මොහු හිගුරක්ගොඩ කොට්ඨාශයට අනුයුක්තව රාජකාරි සිදුකර තිබෙන අතර 39 හැවිරිදි වියේ පසුවනවා.
පොලොන්නරුව, බකමූණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක නේවාසිකාගාරයක ඔහු නවාතැන් ගෙන සිට තිබෙන අතර එහිදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
මෙම සැකකරු ඊයේ බකමුණ පොලිසිය භාරයේ තබා සිට අද (30) දා බකමූණ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
.jpg)
0 Comments