මොස්කව්හි ගුවන් තොටුපළක පැමිණීමේ ශාලාවේදී අවුරුදු එක හමාරක් වයසැති පිරිමි ළමයෙකු ඔසවා බිමට විසි කරන දර්ශනයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ හේතුවෙන් දරුව බරපතල ලෙස හිස් කබලේ අස්ථි බිඳීම් සහ කොඳු ඇට පෙළේ තුවාල සහිතව කෝමා තත්වයට පත්ව තිබෙනවා.
බෙලාරුස්හි සිට පැමිණි 31 හැවිරිදි ව්ලැඩිමීර් විට්කොව් ලෙස හඳුනාගෙන ඇති මෙම සංචාරකයා තම ගමන් මල්ල අසල සිටින පිරිමි ළමයකු මෙසේ අනතරට පත් කර ඇති අතර ප්‍රහාරකයා කිසිවෙකු බලා සිටිනවාදැයි පරීක්ෂා කර, පසුව හදිසියේම දරුවා අල්ලාගෙන, ෂෙරෙමෙටෙවෝ ගුවන් තොටුපළේ පැමිණීමේ කොටසේදී බිමට තදින් විසි කර තිබේනවා.
0 Comments