කුඩුගල හරහා මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් වත්තේගම අරලිය උයන ප්‍රදේශය අසලදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් මගීන් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. තුවාල ලැබූවන් වත්තේගම රෝහලට ඇතුළත් කර ඇත.