ශ්‍රමික හිඟයකට මුහුණ දී සිටින ඉතාලිය නව සංක්‍රමණික වීසා බලපත්‍ර ලක්ෂයක් පමණ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඉතාලි කැබිනට් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

මෙම "වර්ක් වීසා" නැත්නම් ඉතාලිය තුළ රැඳී සිටිමින් සේවය කළහැකි වීසා බලපත්‍ර පන්ලක්ෂය යුරෝපීය නොවන රටවල වැසියන් වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

2026 වසරේ සිට 2028 වසර දක්වා මෙම ශ්‍රමික වීසා බලපත්‍ර නිකුත් කරන බව ඉතාලි කැබිනට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. 

ඒ අනුව ලබන වසරේදී යුරෝපීය නොවන රටවල ශ්‍රමිකයන් සඳහා වර්ක් වීසා 1,64,850 නිකුත් කිරීමට නියමිත බවත්, 2028 වනවිට එම සංඛ්‍යාව 4,97,550ක්, එනම් පන් ලක්ෂයකට ආසන්න මට්ටමට ගෙනඒම තම අපේක්ෂාව බවත් ඉතාලි කැබිනට් මණ්ඩලය පවසා ඇත.