ශ්‍රී ලංකාවේ පිරිමි ජනගහණය අඩුවීම ඉදිරියේ දී අර්බුද රැසක් නිර්මාණය කරනු ඇති බව වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ 1995 වසරේ දී කාන්තාවන් 100 දෙනෙකුට පිරිමි පුද්ගලයින් 100.2 ලෙස වර්තා වී තිබු අතර එය මේ වන විට කාන්තාවන් සිය දෙනෙකුට පිරිමි පුද්ගලයින් 93.7 දක්වා අඩුවී ඇති බවය.
කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වැඩිවීම, කාන්තා උපත් වැඩිවීම, තරුණ පිරිමි පුද්ගලයින් විදෙස් ගතවීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසයි.
0 Comments