ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඊයේ (21) ඒ බව නිවේදනය කර ඇත.

ගීතා ගෝපිනාත් මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ, හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක ලෙස එක්වීමේ අරමුණින්ය.