ධුරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් නෙරපීම සඳහා ඔහු පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
කථානායකවරයා ප්‍රකාශ කළේ, අදාළ කමිටු වාර්තාව තමාට ලැබුණු අතර, එමඟින් දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි චෝදනාවලට ඒකමතිකව වැරදිකරු කර ඇති බවය.
මේ අතර, අදාළ වාර්තාව මුද්‍රණය කිරීමටත්, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දැක්වීමටත් තීරණය විය.
දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් පසුගිය අප්‍රේල් මාසයේ දී පත්කරනු ලැබීය
0 Comments