පසුගිය වසර 10 තුළ විදේශ රැකියා හරහා මෙරටට ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 67,147ක් බව විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා මහතා පැවසීය.

අද (22) පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එය ශ්‍රී ලංකා රුපියල්වලින් බිලියන 13,946ක් බවය.

2015 වර්ෂයේ සිට 2025 මැයි දක්වා වසර 10ක කාලය තුළ මහ බැංකු වාර්තා උපුටා දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම තොරතුරු අනාවරණය කළේය.

2025 පෙබරවාරි මස 25 වන දින වනවිට විදේශ රටවල සේවය කරනු ලබන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව ආසන්න වශයෙන් 1,345,801ක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.