ජපානයේ පැවැත්වෙන බොක්සිං තරගාවලියකදී ඇති වූ තුවාලවලින් පසු ක්‍රීඩකයන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

ටෝකියෝ හි කොරකුවෙන් ශාලාවේදී පැවැත්වෙන මෙම තරගාවලියේ දී ඔවුන් දෙදෙනාම එකම බර පන්තියක අවස්ථා දෙකකදී ක්‍රීඩාකර තිබීමද විශේෂත්වයක්.

මෙලෙස මියගොස් ඇත්තේ Hiromasa Urakawa සහ Shigetoshi Kotari නම් ක්‍රීඩකයන් වන අතර, ඔවුන් දෙදෙනාගේම මොළය එකිනෙකාගේ ප්‍රතිවාදීන්ගෙන් එල්ල වූ මුෂ්ටි පහර හමුවේ තුවාල වී ඇත.

ඒ හේතුවෙන් ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර, එහිදී මෙලෙස දිවිහැර ගොස් තිබේ.