පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අදින් ආරම්භ වෙයි.

ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් අතර පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගය ලෙස සිම්බාබ්වේ කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරගය අද (18) පස්වරුවේ ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබේ.

ඒ අසනීප තත්ත්වයක් හේතුවෙන් කණ්ඩායමේ නායක චරිත් අසලංක යළි දිවයිනට පැමිණීම හේතුවෙන්ය.

චරිත් අසලංක සහ වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු අසනීප තත්ත්වයක් හේතුවෙන් දිවයිනට පැමිණ තිබේ.