රිටිගල දැඩි ස්වභාව රක්ෂිතයේ කොඩිගල කන්ද ප්‍රදේශයට අනවසරයෙන් ඇතුල් වී අතරමංව සිටි පුද්ගලයින් දෙදෙනෙකු රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් බේරාගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි අනුරාධපුර, රාජාංගනය සහ මාතලේ, ලග්ගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.
ඇතුල්වීම තහනම් බව සඳහන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දැන්වීම් පුවරුද නොසලකා රක්ෂීතයට ඇතුල් වී ඇති ඔවුන් කොඩිගල කන්ද තරණය කර ඇති බවයි වනජීවී නිලධාරීහු පවසන්නේ.
වනජීවි නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ තමන් නාග ලොවින් පැමිණී සෘෂීවරයකු බවත් භාවනා කටයුතු සඳහා රිටිගලට පැමිණී බවයි.
සෙසු පුද්ගලයා තමන්ගේ ආවතේවකරු බවයි ඔහු පවසා ඇත්තේ.
මොවුන් සන්තකයේ තිබී ගිණී පෙට්ටි, ලයිටර් හා ඡායාරූප හා වීඩියෝ කැමරාවක්, ඇඳුම් පැළඳුම් කිහිපයක්, හක් ගෙඩියක්, ඇට මාලයක්, කුඩා ප්‍රමාණයේ උඩැක්කියක් ඇතුලු භාණ්ඩ කිහිපයක් වනජීවි නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
.jpg)
0 Comments