කම්කරුවන්ට යුක්තිය ප්‍රමාද කරන අකාර්යක්ෂම ක්‍රමවේදය ඉවත් කරන ලෙසත් , ශ්‍රී ලංකාවේ කම්කරු ආරවුල් විසඳීමේ ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන ලෙසත් වෘත්තීය සමිති රජයෙන් ඉල්ලා තිබෙනවා.
නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ සමඟ පැවති සාකච්ඡාවකදී, රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය විසින්වත්මන් පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලියේ අඩුපාඩු පෙන්වා දුන් අතර කඩිනම් විසඳුම් සඳහා ඇති ක්‍රමවේද පිළිබඳව එහිදී පෙන්වා දී තිබෙනවා.
පැමිණිලි පද්ධතිය ඩිජිටල්කරණය කිරීම, ආරවුල්විසදීමේ ක්‍රියා පටිපාටි යාවත්කාලීන කිරීම සහ කම්කරු නිලධාරීන්ගේ සුදුසුකම් පිළිබිඹු කරන නව වැටුප් කේතයක් හඳුන්වා දීම පිලිබඳව ඔවුන් නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කර තිබෙවා.ෙ
.jpg)
0 Comments